අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරය තුළ බන්ධනාගාර නිලධාරීන් විසින් ඊයේ (01) රාත්‍රියේ සිදු කරන ලද හදිසි සෝදිසි මෙහෙයුමකදී, අයිතිකරුවන් නොමැති ජංගම දුරකතන 05ක් ඇතුළු තහනම් භාණ්ඩ තොගයක් සොයාගෙන තිබෙනවා.
මෙම මෙහෙයුමේදී ජංගම දුරකතනවලට අමතරව ජංගම දුරකතන සිම්පත් 17ක්, අයිස් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කුඩා පැකට් 08ක් සහ හෙරොයින් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කුඩා පැකට් 05ක් ද බන්ධනාගාර නිලධාරීන් භාරයට ගෙන ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරනවා.
මීට අමතරව, බන්ධනාගාර සිර මැදිරි තුළ සඟවා තිබූ හඳුනා නොගත් පෙති 04ක්, දුම්කොළ සුරුට්ටු 02ක් සහ තියුණු උල් ආයුධ කිහිපයක් ද මෙම සෝදිසි මෙහෙයුමේදී සොයා ගැනීමට හැකි වූ බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසනවා.
අත්අඩංගුවට ගත් ජංගම දුරකතන සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පැවැත්වීම සඳහා ඒවා බන්ධනාගාර මූලස්ථානය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද එම ආරංචි වැඩිදුරටත් සඳහන් කරනවා.
සොයාගත් මත්ද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිසිය වෙත භාරදීමටත්, අනෙකුත් තහනම් ද්‍රව්‍ය විනාශ කර දැමීමටත් බන්ධනාගාර බලධාරීන් පියවර ගෙන තිබූ බවයි වාර්තා වෙන්නේ.







