UAE රාජ්‍යයට එල්ල වූ ප්‍රහාරවලින් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට තුවාල සිදුව නොමැති බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිනි අරුෂා කුරේ තහවුරු කරයි.
ඊයේ (01) දිනයේ දී UAE වෙත එල්ල වූ ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් තුවාල ලැබූවන් අතර ශ්‍රී ලාංකිකයයෙකුද සිටින බවට වාර්තා පළ වී තිබුණි.
විවිධ රටවලට අයත් පුද්ගලයින් 58 දෙනෙකු අදාළ ප්‍රහාරයෙන් සුළු තුවාල ලබා ඇති බව එක්සත් අරාබි එමීර් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පැවසීය.
එමෙන්ම අදාළ ප්‍රහාරවලින් පාකිස්තාන, නේපාල සහ බංග්ලාදේශ ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්වුණි.







