දැනට වීසා කාලසීමාව අවසන් වීමට ආසන්න ශ්‍රී ලංකාව තුළ සිටින විදෙස් සංචාරකයන්ගේ වීසා කාලසීමාව ගාස්තු අය කිරීමකින් තොර ව සති දෙකකින් දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇති බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
ඒ අනුව ඉදිරි තත්ත්වය සලකා තවදුරටත් සහන සැලසීමට බලාපොරොත්තු වන බවයි දැන් පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
රජය පවතින තත්ත්වය සමීප ව නිරීක්ෂණය කරමින් තීන්දු තීරණ ගැනීමට කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.







