යුද ගැටු­මට මැදි වී සිටින ශ්‍රී ලාංකි­ක­යන්ගේ ජීවිත රැක ගැනී­මට ක්‍රියා කරන්න

මැද­පෙ­ර­දිග යුද ගැටු­මට මැදි වී සිටින ශ්‍රී ලාංකි­ක­යන්ගේ ජීවිත රැක ගැනී­මට අප කට­යුතු කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පව­සයි.

අනු­රා­ධ­පුර, උඩු­දු­ම්බර ජන­ප­දයේ ශ්‍රී මිල්ල­ගල විහා­ර­ස්ථා­නයේ මකර තොර­ණට මුල්ගල තැබීමේ පුණ්‍ය මහෝ­ත්සව අව­ස්ථා­වට එක්වෙමින් විපක්ෂ නායකවරයා ඊයේ (01) මේ බව කීවේය.

මේ මොහොත වන විට අමෙ­රිකා එක්සත් ජන­ප­දය ,ඉරා­නය සමඟ ඇති කර­ගත් යුද­මය ක්‍රියා­දා­මය තුළ මුළු මැද­පෙ­ර­දිග බල­ප්‍ර­දේ­ශ­යම මහා දැවැන්ත යුද කලා­ප­යක් බවට පත්ව තිබෙන බවත් අප රටේ විශාල ප්‍රමා­ණ­යක් මේ කලා­පයේ සේවය කර­මින් රටට ඩොලර් එවීම සිදු කරන බවත් මේ යුද­මය තත්ත්වය තුළ මේ ජන­තාව රැක ගන්න අපි කට­යුතු කළ යුතු බවත් ඒ වෙනු­වෙන් වත්මන් රජය කළ යුතු උප­රිම ක්‍රියා­වක් ඉටු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පැව­සීය.

මැද­පෙ­ර­දිග කලා­පයේ සිටින අප රටේ ජන­තා­වගේ සේවය නිසා අප රටට විදේශ ප්‍රේෂණ ගලා ඒම සිදු­වන බවත් මේ විදේශ ප්‍රේෂණ හරහා අප රටට අවශ්‍ය දේවල් ලබා ගත හැකි නිසා මේ ජන­තා­වගේ ආර­ක්ෂාව හා සුබ­සා­ධ­නය වෙනු­වෙන් රජය පිය­වර ගත යුතු බවත් මේ ජන­තා­වගේ ජීවිත සුරක්ෂා වන විධි­මත් වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කළ යුතු බවත් විපක්ෂ නාය­ක­ව­රයා පැව­සීය.

රක්ෂණ ශ්‍රියන්ත