මේ වන විට නිකුත් කර ඇති ඉන්ධන ප්‍රමාණය පිළිබඳ දැනුම් දීමක්

රට තුළ ප්‍රමාණවත් ඉන්ධන සංචිත පැවතීම හේතුවෙන් ජනතාව කලබලයට පත් වීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා පවසනවා.

ඒ අනුව පෙට්‍රල් හා ඩීසල් ලෙස පිරිපහදු කළ ලෙස පැමිණෙන ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් කලබලයට පත් විය යුතු නැති බවත්, යුද්ධය පවතින ප්‍රදේශවලින් ඒවා ආනයනය කිරීම සිදු නොකරන බවත්, පිරිපහදු නොකළ ඉන්ධන ද රට තුළ මාසයකට ප්‍රමාණවත් ලෙස පවතින බවත් අද (02) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු සඳහන් කළා.

ජනතාව කලබලයට පත් වීමත් සමඟ ඊයේ (01) දිනයේ යළි ඉන්ධන නිකුත් කිරීමට පියවර ගත් බවත්, ඩීසල් තිස්ලක්ෂ දහඅටදහස් තුන්සිය හතළිස් නවයක් හා පෙට්‍රල් තිස්නව ලක්ෂ විසිදහස් හාරසියයක් නිකුත් කර ඇති බවත් සභාපතිවරයා ප්‍රකාශ කළා.

එසේ ම අද පෙරවරුවේ ඩීසල් ලීටර් 2,325,349ක් හා පෙට්‍රල් ලීටර් 2,904,000ක් නිකුත් කර ඇති බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.