වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 13,416ක් වාර්තා වෙයි

වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 13,416ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

මෙම කාලය තුළ ඩෙංගු මරණ 4ක් ද වාර්තා වී ඇති බවයි එම ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර සඳහන් කළේ.

කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලින් වැඩි ම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලින් ද ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.