මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා.
බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලබා ගැනීමෙන් අනතුරුව පළමු වරට කිඹුල්වත්නුවරට වැඩම කිරීම, සුද්ධෝදන රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසා සෝවාන් ඵලයට පත් වීම, නන්ද කුමරු පැවිදි කිරීම ඇතුළු ශාසනික වශයෙන් සුවිශේෂී සිදුවීම් රැසක් අද වැනි පොහෝ දිනක සිදු වූ බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.
මැදින් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් බෞද්ධ ජනතාව අද ආමිස සහ ප්රතිපත්ති පූජාවල නිරත වනවා.







