ඉරාන හිටපු ජනාධිපති මහමුද් අහමදිනෙජාඩ් ​ද ප්‍රහාරවලින් මරුට

2005 වසරේ සිට 2013 වසර දක්වා ඉරානයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ Mahmoud Ahmadinejad), අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊසානදිග ටෙහෙරානයේ Narnak ප්‍රදේශයේ පිහිටි අහමදිනෙජාඩ්ගේ නිල නිවස ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර; ප්‍රහාරයෙන් හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනකු මිය ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

ජනාධිපති ධුර කාලය අවසන් වීමෙන් පසු, ඔහුව උත්තරීතර නායක අයතුල්ලා අලි ඛමේනි විසින් ‘උපායමාර්ගික උපදේශක මණ්ඩලයේ’ සාමාජිකයකු ලෙස පත් කර තිබුණා.