ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ප්‍රහාරවලින් මිය ගියා – ට්‍රම්ප්

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මිය ගිය බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ‘Truth Social’ ගිණුම හරහා නිවේදනය කර තිබෙනවා.

ඉතිහාසයේ සිටි අතිශය දුෂ්ට පුද්ගලයකු වූ කමේනි මිය ගොස් ඇති බවත්; මෙය ඉරාන ජනතාවට පමණක් නොව, සමස්ත අමෙරිකානුවන්ට ම ඉටු වූ සාධාරණයක් බවත් ඔහු ප්‍රකාශ කරනවා.

මේ අතර CBS පුවත් සේවය සඳහන් කරන පරිදි, එල්ල වූ ප්‍රහාරවලින් ඉරාන රජයේ උසස් නිලධාරීන් 40ක් පමණ මිය ගොස් ඇති අතර; ඒ අතරට ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි, ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) අණදෙන නිලධාරියා හා ඉරාන ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ නමුත් ඉරානය මෙතෙක් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි ඛමේනි මිය ගිය බවට කිසිඳු නිල ප්‍රකාශයක් සිදු කර නැහැ.news images