UPDATE: ඉතිහාසයේ එල්ල කරන දරුණුතම ප්‍රහාරාත්මක මෙහෙයුම දියත් කරන බව ඉරාන හමුදා නිවේදනය කරයි

අමෙරිකානු හමුදා කඳවුරුවලට සහ ඊශ්‍රායලයට දැඩි ප්‍රහාරයක් එල්ල කරන බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ඉරාන ඉස්ලාමීය ජනරජයේ සන්නද්ධ බලකා ඉතිහාසයේ එල්ල කරන දරුණුතම ප්‍රහාරාත්මක මෙහෙයුම තව නොබෝ වේලාවකින් එල්ල කරන බවයි සඳහන් කරන්නේ.

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි ඛමේනි මිය යාමත් සමඟ මේ වන විට ඉරානයට දින 40ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.