ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ දියණිය, බෑණනුවන් සහ මුණුබුරා, එල්ල වූ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් ව ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල බලධාරීන් විසින් උත්තරීතර නායක කමේනි ද මිය ගොස් ඇති බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව; ඉරාන මාධ්‍ය මෙම පුවත වාර්තා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
මේ අතර අමෙරිකානු සහ ඊශ්‍රායල ඒකාබද්ධ ගුවන් ප්‍රහාරවලින් පසු, ටෙහෙරාන් නුවර පිහිටි ඉරාන උත්තරීතර නායකයාගේ නිල නිවාස සංකීර්ණයට සිදු ව ඇති දැඩි හානිය දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූප මේ වන විට නිකුත් වී තිබෙනවා.








