“කලින් නොදුටු බලයකින් පහර දෙනවා” – ඉරාන තර්ජනයට ට්‍රම්ප්ගෙන් සැර ප්‍රතිචාරයක්

ඉරානය විසින් අද (01) දිනය තුළ ඉතා ප්‍රබල ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන බවට කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

තම සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ විශේෂ සටහනක් තබමින් ජනාධිපතිවරයා කියා සිටියේ ඉරානය එලෙස ප්‍රහාරයක් එල්ල නොකිරීම ඔවුන්ට යහපත් වනු ඇති බවයි.

“ඉරානය මින් පෙර කවදාවත් එල්ල නොකළ ආකාරයේ ඉතා ප්‍රබල ප්‍රහාරයක් අද එල්ල කරන බවට ප්‍රකාශ කර තිබෙනවා. ඔවුන් එවැන්නක් නොකර සිටිනවා නම් වඩාත් හොඳයි. මන්ද, ඔවුන් එසේ කළහොත්, අප ඔවුන්ට එරෙහිව ලෝකය මින් පෙර කිසිදා නොදුටු ආකාරයේ ප්‍රබල බලයක් යොදා ප්‍රහාර එල්ල කරනවා!”