මැදපෙරදිග බලා යන ගුවන් යානා අද පස්වරු 5.00 දක්වා අත්හිටුවීමට තීරණය කරයි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට මැදපෙරදිග බලා පිටත් වීමට නියමිත ව තිබූ ගුවන් ගමන් අද පස්වරු 5.00 දක්වා අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

මේ අතර මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ගුවන් සීමාවන් වසා දැමීම නිසා වෙනත් මාර්ග වෙත යොමු කරන (Diverted) ගුවන් යානා ඕනෑම අවස්ථාවක පිළිගැනීම සඳහා මත්තල ගුවන් තොටුපළ සූදානම් කර තබා ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAASL) නිවේදනය කරනවා.