ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මැදපෙරදිග කලාපයේ මේ වනවිට පවතින ආරක්ෂක තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටියි. කලාපයේ ජීවත් වන සහ සේවය කරන මිලියනයක පමණ ශ්‍රී ලාංකික ජාතිකයින්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම රජය ඉහළම ප්‍රමුඛතාවක් ලෙස සලකයි.
පවතින කලාපීය අස්ථාවරත්වය සැලකිල්ලට ගනිමින්, මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ට ඉතාමත් සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙස තරයේ උපදෙස් දෙනු ලැබේ:
- විශ්වාසදායක දේශීය මාධ්‍ය සහ සත්කාරක රටේ නිල නිවේදන අනුව කටයුතු කරන්න.
- අත්‍යවශ්‍ය නොවන සංචාර සහ විශාල මහජන රැස්වීම්වලට සහභාගී වීමෙන් වළකින්න.
- ළඟම ඇති ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලය සමඟ නිරන්තරයෙන් සම්බන්ධතා පවත්වන්න.
- ජංගම දුරකථන ආරෝපණය (Charge) කර තබා ගන්න. සෑම විටම වලංගු හැඳුනුම්පත් හා ලේඛන රැගෙන යන්න.
අවශ්‍ය අවස්ථාවන්හිදී සහය ලබා දීම සඳහා කලාපයේ සියලුම ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි දුරකථන අංක සක්‍රිය කර ඇත.
ශ්‍රී ලංකාවේ පවුල් විසින් සිදු කරනු ලබන විමසීම් සඳහා පැය 24 පුරාම ක්‍රියාත්මක වන පහත සඳහන් හදිසි ඇමතුම් අංක ද ක්‍රියාත්මකව පවතියි:
- විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය: +94742595546
- ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE): +94719802822
- ක්ෂණික දුරකථන අංකය 1989
අමාත්‍යාංශය මෙම තත්ත්වය නිරීක්ෂණය කිරීම සහ අවශ්‍ය පරිදි වැඩිදුර යාවත්කාලීන කිරීම් නිකුත් කිරීම අඛණ්ඩව සිදු කරගෙන යනු ඇත.








