කොළඹ කොටස් වෙළඳපොළේ අද (27) දින ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) පහත වැටීමක් වාර්තා කර තිබෙනවා.
සියලු කොටස් මිල දර්ශකය (ASPI: ඒකක 23,734.06 ක් ලෙස සටහන් වී ඇති අතර, එය ඊයේ දිනයට සාපේක්ෂව ඒකක 47.17 කින් (0.20%) පහත වැටීමක්.
එමෙන්ම රුපියල් බිලියන 7 ක පිරිවැටුමක් වාර්තා කර තිබෙනවා.







