වට්ස්ඇප් වෙබ් සඳහා පිවිසීමේ දී ගැටලු මතුවනවා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ, අයිෆෝන් (iPhone) පරිශීලකයන් වෙත බවයි සඳහන් වන්නේ.
මෙම ගැටළු සම්බන්ධයෙන් මේ වනවිට Downdetector වෙබ් අඩවිය වෙත පැමිණිලි ද ලැබී ඇති බව එම මාධ්‍ය වාර්තාවේ සඳහන්.
කෙසේ නමුත්, ඇන්ඩ්‍රොයිඩ් (Android) පරිශීලකයින් බොහෝ දෙනෙකුට සේවාව සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවටයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.








