කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) අනුව මනිනු ලබන ශ්‍රී ලංකාවේ සමස්ත උද්ධමන අනුපාතය 2026 පෙබරවාරි මාසයේදී 1.6% දක්වා පහත වැටී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
2026 ජනවාරි මාසයේදී මෙම අනුපාතය සටහන් වූයේ 2.3% ක් ලෙසයි.
ජනවාරි මාසයේ පැවති 3.3% ක අගයේ සිට 0.2% දක්වා කැපී පෙනෙන ලෙස පහත වැටී තිබෙනවා.
ආහාර නොවන උද්ධමනය ජනවාරි මාසයේ පැවති 1.8% ක අගයේ සිට 2.3% දක්වා සුළු වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.
පෙබරවාරි මාසයේදී ආහාර ද්‍රව්‍යවල මිල ගණන් පාලනය වීම සමස්ත උද්ධමනය පහළ මට්ටමක පවත්වා ගැනීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව එම දෙපාර්තමේන්තු වාර්තා පෙන්වා දෙයි.







