විදුලිබල පනත අනුව බාල ගල් අඟුරු හේතුවෙන් සිදු වූ පාඩුව විදුලි බිලට එකතු කිරීමට නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.
එමෙන්ම, වෝහාරික විගණනයක් සිදු කර, ගල්අඟුරුවලින් සිදුව ඇති දූෂිත ගනුදෙනු පිළිබද සෙවිය යුතු බවයි ඊයේ (26) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂනායකවරයා කියා සිටියේ.
මේ අතර ආන්දෝලනයට තුඩු දී ඇති ප්‍රමිතියෙන් තොර බවට පැවසෙන ගල් අඟුරු ආනයනය හේතුවෙන් විශාල පාඩුවක් සිදු වී ඇති බව සඳහන් කරමින් සමගි ජන බලවේගයේ දූෂණ විරෝධී කමිටුව ඊයේ අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.








