ගල්ගමුව මහනාන්නේරිය ප්‍රදේශයේ 15 හැවිරිදි දරුවෙකු ට්‍රැක්ටර් රථයකට යටවීමෙන් ඊයේ උදෑසන අවාසනාවන්ත ලෙස මරණයට පත්ව තිබෙනවා
ගල්ගමුව පොලිස් වසමේ 39 කන්ද ප්‍රදේශයේ අතුරු මාර්ගයකදී වන අතර මෙම දරුවා ට්‍රැක්ටර් රථයක රියදුරු අසුන අසල ඇති කොටසට නැගීමට යාමේදී ඇදවැටී ඇති බවයි පවසන්නේ
එහිදී එම ට්‍රැක්ටර් රථයේ රෝදයට දරුවා යටවී ඇති අතර තුවාල ලැබූ දරුවා ගල්ගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලීසිය සදහන් කරන්නේ
සිද්ධිය සම්බන්ධයෙන් ගල්ගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.








