සිම්බාබ්වේ විස්සයි-20 ක්රිකට් කණ්ඩායමේ නායක සිකන්දර් රාසා ශ්රී ලංකාව සහ මෙරට ජනතාව පිළිබඳව සිය නිල X (ට්විටර්) ගිණුම හරහා ඉතා සංවේදී සහ සුන්දර සටහනක් තබා තිබේ.
සිම්බාබ්වේ කණ්ඩායමට ශ්රී ලංකාව තුළදී ලැබුණු උණුසුම් ප්රතිචාර සහ සහයෝගය වෙනුවෙන් ඔහු මෙලෙස ස්තූතිය පළ කර ඇත. විශේෂත්වය වන්නේ ඔහු එම සටහන සිංහල වචන ඉංග්රීසි අකුරෙන් (Singlish) යොදාගනිමින් “බොහොම ස්තූතියි ශ්රී ලංකා, මං ශ්රී ලංකාවට ගොඩක් ආදරෙයි” යනුවෙන් සඳහන් කර තිබීමයි.
ශ්රී ලංකාව සුන්දර රටක් මෙන්ම මෙරට වෙසෙන්නේ ඉතා සුන්දර මිනිසුන් පිරිසක් බවත්, තමන්ට ලබාදුන් සහයෝගය අගය කරන බවත් පවසන රාසා, “ඉක්මනින්ම හමුවෙමු” යනුවෙන් පවසමින් සිය සටහන අවසන් කර ඇත.
සිකන්දර් රාසා යනු ලොව පුරා ක්රිකට් ලෝලීන්ගේ ගෞරවයට පාත්ර වූ ක්රීඩකයෙකු වන අතර, ඔහු ශ්රී ලංකාව කෙරෙහි දක්වන මෙම ලැදියාව මෙරට ක්රීඩා ලෝලීන්ගේ ද දැඩි අවධානයට හා ඇගයීමට ලක්ව තිබේ.
කණ්ඩායම් අදියරේ B කාණ්ඩයේ අවසන් තරගය ලෙසින් ශ්රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරගය පසුගිය දා පැවති අතර එහිදී සිම්බාබ්වේ කණ්ඩායම ජය ලැබීය.








