මහවැලි ගඟේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් එහි ජල මට්ටම ඉහළගොස් පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගය මේ වනවිට සුළු වශයෙන් ජලයෙන් යටව තිබේ.
එම මාර්ගයේ ගල්ලෑල්ල හා මනම්පිටිය අතර ප්‍රදේශයන්හි ස්ථාන 2ක පමණ මෙලෙස ජලයෙන් යටව පවතින අතර, ඒ හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට සුළු වශයෙන් බාධා එල්ලවී ඇත.








