පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථ රියදුරෙකු ඝාතනය කොට ත්‍රිරෝද රථය පැහැරගෙන ගොස් ඇති බව පොලිසිය පවසනවා.
මෙලෙස ඝාතනය කර ඇත්තේ තිල්අඩිය ප්‍රදේශයේම පදිංචි 72 හැවිරිදි පස්දරු පියෙක්.
මොහු ඊයේ රාත්‍රියේ නිවසේ රැඳී සිටි අවස්ථාවේ කිසියම් අයෙකු නිවසට පැමිණ ඔහු කැඳවාගෙන ගොස් ඇත්තේ කිසියම් ගමනක් යාමට අවශ්‍ය බවට පවසමින්.
කෙසේ වෙතත්, ඔහු අද උදෑසන වනවිටත් නොපැමිණීම හේතුවෙන් නිවැසියන් විසින් ඒ පිළිබදව පොලිසිය දැනුවත් කර තිබෙනවා. පසුව සිදුකළ විමර්ශනවලින් අදාළ ත්‍රිරෝද රථ රියදුරුගේ සිරුර නිවසට ආසන්නයේ අතුරු මාර්ගයක තිබියදී සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.
කෙසේ වෙතත්, ත්‍රිරෝද රථය පැහැරගෙන ගොස් ඇති බවට අනාවරණය වී තිබෙනවා.








