පාකිස්තාන ප්‍රහාර හමුවේ ඇෆ්ගනිස්තානයේ 18ක් මරුට

පාකිස්තානය විසින් ඇෆ්ගනිස්තානයට එල්ල කළ ගුවන් ප්‍රහාර හමුවේ කාන්තාවන් සහ ළමුන් ඇතුළු පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් ඇති බව තලේබාන් සංවිධානය පවසයි.

ඇෆ්ගනිස්තානය මෙම ප්‍රහාර හෙළා දකිමින් ප්‍රකාශ කර ඇත්තේ ඒවා සිවිල් නිවාස සහ ආගමික පාසලක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවය.

කෙසේ වෙතත් පාකිස්තානය පවසා ඇත්තේ මෙම ප්‍රහාර පකිස්තාන-ඇෆ්ගනිස්තාන දේශසීමාව අසල සටන්කාමී කඳවුරු සහ සැඟවුණු ස්ථාන හතක් ඉලක්ක කරගත් බවත් ඒවා පසුගිය දා පාකිස්තානයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් පසුව දියත් කළ එ්වා බත්ය.

ඔක්තෝම්බර් මාසයේදී දෙරට අතර සටන් විරාමයකට එකඟ වූවද දිගින් දිගටම ගැටුම් පැවති බව සඳහන් වේ.