බදුල්ල දිස්ත්‍රික්කයේ දින කිහිපයක සිට පවතින අයහපත් කාලගුණික තත්වයත් සමග ඊයේ (21) රාත්‍රි බදුල්ල පස්සර මාර්ගයේ 6 කණුව සහ 132 කි.මී කණුව ආසන්නයේ දි සිදුවු නායයැම් හේතුවෙන් එම මාර්ගයේ එක් මංතිරුවක් සම්පූර්ණයෙන්ම වැසි ගිය බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකය පැවසීය.
ඒ අනුව මාර්ගයේ ගමනාගමනය එක් මංතිරුවකකට සීමාවි ඇති අතර මාර්ගයේ තවත් ස්ථාන කිහිපයක මාර්ගයට පස් කන්ඩි කඩා වැටිම් ද වාර්තා වෙන බව ඔවුන් පවසයි
මේ පිළිබඳව කළ විමසීමකදි මාර්ග සංවර්ධන අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් විධායක ඉංජිනේරු එස්.එස් හෙන්නායක මහතා පවසා සිටියේ පවතින අයහපත් කාළගුණික තත්ත්වය සමග බදුල්ල පස්සර මාර්ගයේ සුළු නායයෑම් හා පස් කණ්ඩි කඩාවැටිමෙන් මාර්ගයට ඇදවැටි ඇති පස් හා ගල් ඉවත් කොට මාර්ගය යථා තත්ත්වයට පත් කිරිමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවයි.








