ගාල්ල සිට මරදාන දක්වා ධාවනය වන ගාලු කුමාරි සීග්‍රාගාමී දුම්රියේ කැබ් රථයක් ගැටීමෙන් අද (22) උදෑසන 7.30ට පමණ සිදු වූ අනතුරින් කැබ්රථ රියදුරා බරපතළ තුවාල ලබා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පයාගල පොලීසිය ප්‍රකාශ කරයි.
මෙසේ දුම්රියේ ගැටී ඇත්තේ යාබද ඉදිකිරීම් ව්‍යාපෘතියක සේවය කරන පුද්ගලයකුගේ කැබ් රථයක් බවට අනාවරණය වී ඇති අතර දුම්රිය ගැටීමෙන් අනතුරුව කැබ් රථය මීටර් පනහකට ආසන්න ප්‍රමාණයක් ඇදී ගොස් ඇත.
මෙම දුම්රිය අතර දුම්රිය හරස් මඟට නිසි ආරක්ෂිත ගේට්ටුවක් ද සවිකොට නොමැති බව වාර්තා වේ.
අනතුරින් කැබ් රථයේ රියදුරු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.








