අනුරාධපුරය පූජා නගරය ප්රදේශයේදී, හෙරොයින් ග්රෑම් 255ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට තිබේ.
උතුරු මැද පළාත් අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29ක් වන මැදවච්චිය ප්රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.








