හැටන් – කොළඹ පාරේ ධාවනය කළ භාණ්ඩ ප්රවාහන ලොරි රථයක් අද (21) අලුයම 2.30 ට පමණ වටවල ප්රදේශයේදී අඩි පහළොවක පමණ ප්රපාතයකට පෙරළී තිබෙනවා.
අනතුරත් සමග ලොරි රථයේ සිරව සිටි රියැදුරා පැය එක හමාරක පමණ මෙහෙයුමකින් පසුව මුදාගත් බවයි වටවල පොලිසිය පවසන්නේ.
ඉදිරියෙන් පැමිණි වාහනයකට ඉඩ ලබා දීමට උත්සාහ කිරීමේදී ලොරි රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසුවා.
අනතුර සිදුවූ අවස්ථාවේ රථයේ රියදුරු සහ සහායකයා පමණක් සිට ඇති බවද පොලිසිය පවසනවා.
මුදාගත් රියැදුරු වටවල ප්රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර වටවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.








