AI Impact Summit 2026 සමුළුවට සහභාගී වූ ජනපති අනුර ඇතුළු නියෝජිත පිරිස යළි මෙරටට පැමිණෙයි

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති කෘතිම බුද්ධිය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවට (AI Impact summit) සහභාගී වූ ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිස එම සංචාරය නිමාවට පත් කරමින්, ඊයේ (20) රාත්‍රී යළිත් මෙරටට පැමිණ තිබෙනවා.

ඊයේ (20) රාත්‍රී 10.04 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL 196 දරන ගුවන් යානයෙන් ජනාධිපතිවරයා ඇතුළු පිරිස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි සඳහන් වන්නේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස මෙම සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවට වෙත පැමිණියා.‍

මෙම සමුළුවට සමගාමීව, ජනාධිපතිවරයා විසින් ඉන්දියාවේ දී ඉහළ පෙළේ රාජ්‍ය නායකයින් රැසක් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා ද පවත්වනු ලැබුවා.