අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද දැවැන්ත ගෝලීය තීරුබදු (Global Tariffs) එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිශ්ප්‍රභ කර තිබෙනවා.
ඒ අනුව, ජනාධිපතිවරයා මෙම බදු පැනවීම සඳහා ජාත්‍යන්තර හදිසි ආර්ථික බලතල පනත (IEEPA) භාවිත කළ නමුත්, එම නීතිය මඟින් තීරුබදු පැනවීමට ඔහුට බලය ලබා නොදෙන බවයි අධිකරණය තීන්දු කර ඇත්තේ.
බෙදුණු තීන්දුවක් ලෙස මෙය ලැබී ඇති අතර, අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් 9 දෙනාගෙන් 6 ක් අදාළ තීරුබදු පැනවීමට ජනාධිපතිවරයාට නීත්‍යානුකූල බලයක් නොමැති බවට තීන්දු කර තිබෙනවා.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරු John Roberts සඳහන් කළේ, කොංග්‍රස් මණ්ඩලය සිය තීරුබදු බලතල පවරා දී ඇත්තේ පැහැදිලි කොන්දේසි සහ දැඩි සීමාවන්ට යටත් ව බවයි.








