2025 වසර තුළ ලංකා දුම්කොළ සමාගම විසින් රජයට ගෙවා ඇති සමස්ත බදු ප්‍රමාණය රුපියල් බිලියන 173.83 ක් ලෙස වාර්තා වී තිබෙනවා.
ඒ අනුව, 2025 වසරේ දී ලංකා දුම්කොළ සමාගම රුපියල් බිලියන 215.67 ක පිරිවැටුමක් වාර්තා කර ඇති අතර, එම වර්ෂය තුළ දී රජයේ බදු ලෙස රුපියල් බිලියන 149.10 ක් හා ආදායම් බදු ලෙසින් රුපියල් බිලියන 24.72 ක් ගෙවා ඇති බවයි සඳහන් වන්නේ.
බදු ගෙවීමෙන් පසු ලංකා දුම්කොළ සමාගම රුපියල් බිලියන 29.11 ක ශුද්ධ ලාභයක් වාර්තා කර ඇති බවයි ලංකා දුම්කොළ සමාගමේ 2025 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය ප්‍රකාශනයේ දැක්වෙන්නේ.








