පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැන යෝජනා දෙන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්

පළාත් සභා මැතිවරණය කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතුද යන්න සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමටත් ඒ ගැන සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය විජිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කෙරේ.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (20) පාර්ලිමේන්තුවේදී මේ බව කියා සිටියේය.

ඒ අනුව මුනීර් මුලාෆර්, නීතිඥ සුනිල් වටගල, අරුන් හේමචන්ද්‍රා, රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන්, ලක්ෂ්මන් නිපුණආරච්චි, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, සමන්මලී ගුණසිංහ, ධර්මප්‍රිය විජේසිංහ, චන්දන සූරියආරච්චි, නිසාම් කාරියප්පර් ඇතුළු මහත්ම මහත්මීන් ඒ අනුව මෙම කාරක සභාවට පත් කර තිබේ.