ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පෙබරවාරි මස අග එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් (Oxford Union) සහ කේම්බ්‍රිජ් (Cambridge Union) යන ශිෂ්‍ය සංගම් ඇමතීමට නියමිතව තිබුණා.
ඊට එරෙහිව බ්‍රිතාන්‍යය පුරා වෙසෙන දෙමළ ඩයස්පෝරාව හා එල්ටීටීඊ හිතවාදීන් ඒකාබද්ධව දැඩි විරෝධයක් ප්‍රකාශ කර තිබෙනවා.
මෙම විරෝධතාවල ප්‍රතිඵලයක් ලෙස කේම්බ්‍රිජ් ශිෂ්‍ය සංගමය (Cambridge Union) ඇමතීමට ඇති දේශනය අවලංගුකොට ඇති බව සඳහන්.
එක්සත් රාජධානියේ දෙමළ ශිෂ්‍ය සංගම් සහ බ්‍රිතාන්‍ය දෙමළ තරුණ සංවිධානය (TYO UK) එක්ව නිකුත් කළ නිවේදනයක දක්වා ඇත්තේ නාමල් රාජපක්ෂට ලබාදී ඇති මෙම අවස්ථාව වහාම අවලංගු කරන ලෙසයි.








