ඉරානය සිය න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ගිවිසුමකට එළැඹිය යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවා තිබේ.
වොෂින්ටනයේ පැවති ජනපති ට්රම්ගේ සාම මණ්ඩල පළමු රැස්වීමේදී ඔහු මේ බව පවසා ඇත.
“එසේ නොවුවහොත් නරක දේවල් සිදුවනු ඇත” ඉරානයට ප්‍රහාරයක් එල්ලකරන බවට යළි යළිත් තර්ජනය කරමින් ට්‍රම්ප් පවසා තිබේ.
ඒ අනුව ඔහු ඉරානයට දින 10ත් 15ත් අතර කාල සීමාවක් ලබාදී ඇත.
එම කාලය තුළ ඉරානය සිය කොන්දේසි සම්පූර්ණ කිරීමට අපොහොසත් වුවහොත් ඔවුන්ට නරක ප්‍රතිඵලයකට මුහුණදීමට සිදුවනු ඇති බව ජනපති ට්‍රම්ප් පවසා තිබේ.
කෙසේ නමුත් අමෙරිකාව සිය රටට ප්‍රහාරයක් එල්ල කළහෙත් කලාපයේ අමෙරිකානු කඳවුරුවලට ප්‍රහාරයක් එල්ලකරන බවට ඉරානද තර්ජනය කර තිබුණි.
අමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා හොඳින් සිදුවන බව ට්‍රම්ප් මීට පෙරද පවසා සිටි අතර, ඉරානය පිළිගත් ගිවිසුමකට එළැඹිය යුතු යැයි දැනුම්දී ඇත.








