දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් විහාරස්ථාන නැවත ගොඩනැංවීමේ ජාතික වැඩසටහනේ නුවරඑළිය කේන්ද්‍ර කරගත් වැඩසටහන ඊයේ (19) හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පරිශ්‍රයේ දී ආරම්භ විය.
මෙහි සමාරම්භ වැඩසටහන සඳහා ආශීර්වාද කිරීමට හඟුරන්කෙත ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සහ නුවරඑළිය දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී, ශාස්ත්‍රපති පූජ්‍ය ඔකඳගල චන්දාලෝක ස්වාමීන් වහන්සේ සහ පූජ්‍ය කොහොඹගාන ශ්‍රී ගංගාරාමාධිපති, ගඟපළාත මහා විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රවේදී පූජ්‍ය ඇඳිරි බැද්දේ සංඝරතන ස්වාමීන් වහන්සේ වරක් ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩමවා වදාළහ.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව වැඩසටහන සංවිධානය කරන ලදි.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් විජේරත්න මහතා, හඟුරන්කෙත ප්‍රාදේශීය සභාවේ සභාපති ලයනල් ගුණරත්න මහතා, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තෙන්නකෝන් මහත්මිය, හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් මිහිරාන් බණ්ඩාර මහතා, හඟුරන්කෙත ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීතුමන්ලා, හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර සැලසුම් අධ්‍යක්‍ෂතුමා, හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරීතුමා ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්, ග්‍රාමනිලධාරී තුමිය සහ දායක සභාවේ මහත්ම මහත්මීන් ද මේ සඳහා සම්බන්ධ වූහ.








