අනාගතයේදී කිසිදු ගෑස් හිඟයක් ඇති නොවන බවත් ප්‍රමාණවත් පරිදි තොග පවතින බවත් ලිට්රෝ සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මේ නිසා අනවශ්‍ය ලෙස මිලදී ගැනීම්වලට යොමු වී කලබලයක් ඇති කර නොගන්නා ලෙස ද සමාගම සිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී.
ගෑස් ඉල්ලුමේ අනපේක්ෂිත වැඩි වීමක් සහ 2026 පෙබරවාරි 14 දින සිට දින දෙකක ගෑස් සැපයුම අත්හිටුවීම සිදුවීම පසුගිය දිනවල ඇති වූ ගැස් හිඟයට හේතුවී ඇතැයි ද සමාගම සඳහන් කරයි.
පෙබරවාරි 17 සහ 18 යන දිනවල ගෘහස්ථ නැවත පිරවුම් සිලින්ඩර 284,000ක් වෙළෙදපොළට නිකුත් කර ඇත. ඊයේ (19) සිට සෙනසුරාදා දක්වා තවත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර 351,000ක් වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත බව ද සමාගම සඳහන් කරයි.
ඉදිරි කාලයට අවශ්‍ය ගෑස් තොග සඳහා දැනටමත් ඇණවුම් කර ඇත. සැපයුම තවදුරටත් ස්ථාවර කිරීම සදහා මෙම මාසය අවසන් වීමට පෙර ගැස් නැව් තුනක් මෙරටට පැමිණීමට නියමිතව ඇති බවත් ලිට්රෝ සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.








