අද (19) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගය සමගාමීව පොලීසිය විසින් විශේෂ ආරක්ෂණ වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරනවා.
ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර මේ බව පැවසුවා.
මේ අනුව ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගයේදීත් ඉන්දියාව සහ පාකිස්තානය අතර තරග පැවති දිනයේ දී ක්‍රියාත්මක වූ විශේෂිත ආරක්ෂිත වැඩපිළිවෙල සහ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වනු ඇති.
“අපි විශේෂයෙන්ම ප්‍රේක්ෂක ජනතාවට කියනවා දහවල් 12 සිට දොරටු විවෘත්ත කිරීමට බලාපොරොත්තු වෙනවා. සවස 3:00 සිට තරගය ආරම්භ කිරීමට නියමිතයි. ඒ නිසා දහවල් කල් ඇතිව ඇතුල් වෙන්න. එහෙම කළොත් රස්තියාදුව නැතිවෙනවා වගේම අපේ රාජකාරියටත් පහසුයි. රථ වාහන නැවැත්වීමට නොහැකි මාර්ග තියෙනවා. ඒවාගේ දහවල් 12 සිට රථවාහන අපි නවත්වන්න ඉඩ දෙන්නේ නෑ. ” යැයි නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර පැවසුවා.
ඒ අනුව එම මාර්ග,
1) සංඝරාජ මාවත සහ සුමනදිසි මාවත
2) වින්සන් පෙරේරා මාවත
3) බ්‍රිටෝ බාබා පුල්ලේ ප්‍රෙදෙස, පන්සල පාර, ඛෙත්තාරාම පාර
4) සෙබස්තියන් ඇල පාර
5) අඩි සියේ මාර්ගය
6) ශ්‍රී බෝධිරාජ මාවත
7) මාලිගාවත්ත පටුමග සහ ජුම්මා මස්ජිද් පාර
8) ප්‍රදීපා මාවත සහ සද්ධර්ම මාවත වන අතර තරගය පැවැත්වෙන ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයට ඇතුල්වීමට ඇති මර්ගවලද රථ වාහන ගමනා ගමනය සීමා කිරීමට කටයුතු කෙරෙනවා.
ඊට අමතරව රථවාහන නවතා තැබීමට අවසර හිමි රථගාල් 6ක් නම් කර තිබෙනවා.
1 ක්‍රීඩා භූමිය රථගාල – වාහන 165 – (VIP සහ VVIP pass, මාධ්‍යට)
2) සතොස සහ දුම්රිය අංගනයට – සැහැල්ලු වාහන 500ක්
ත්‍රීවිල් , වැන් රථ, යතුරු පැදි කාර් රථ
සෙබස්තියන් ඇල පාර
3) පළමු පාලම සහ දෙවන පාලම දක්වා – වාහන 80ක්
4) ඇපල් වත්ත – 150යි
5) කෝවිල පාර – 200යි
6) අඩි සිය මාර්ගය දෙපස – 150යි
යම් තොරතුරක් විමසීමට අවශ්‍ය නම් පොලීස් නිලධාරීන්ගේ විමසීමට හැකි බවත් නැතිනම් 0112- 433 333 දුරකථන අංකය අමතා සහාය ලබාගත් හැකියි.








