වයස අවුරුදු 65 ට අඩු විශ්‍රාමික බන්ධනාගාර නිලධාරීන්, කොන්ත්‍රාත් පදනම මත යළි සේවයට බඳවා ගැනීමට තීරණය කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, ප්‍රථම පෙළ ජේලර්, දෙවන පෙළ ජේලර්, සැරයන්, නියාමක, හෙද සහ ඖෂධ සංයෝජක තනතුරු සඳහා එලෙස කොන්ත්‍රාත් පදනමින් බඳවා ගැනීම් සිදු කරන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක සඳහන් කළේ.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස ලබාගත හැකි බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.








