පොහොට්ටුවේ නීතිඥ සංගමයේ පුත්තලම සභාපතිට වසර 16ක සිර දඬුවම්

මහ ඡන්දෙටත් ඉල්ලලා පරාදයි
වෙන්නප්පුව සභාවේ මන්ත්‍රී ධුරයකුත් දරලා
තවත් හොර ඔප්පු නඩු 25ක්
වයි­ක්කාල, තම­ර­විල පදිංචි පුද්ග­ල­ය­කුට අයත් ඉඩ­ම­කට ව්‍යාජ ලෙස ඔප්පු­වක් සක­ස්කර මුදල් ලබා­ගෙන වංචා කිරීම, කූට ලේඛන සකස් කිරීම ඇතුළු චෝදනා තුන­කට වර­ද­කරු කර­මින් නීති­ඥ­ව­ර­යෙක්ට හා තවත් පුද්ග­ල­ය­කුට බර­ප­තළ වැඩ සහි­තව වසර 16ක සිර දඬු­ව­මක් හලා­වත මහා­ධි­ක­රණ විනි­සුරු නයෝමි තමාරා වික්‍ර­ම­සේ­කර මහ­ත්මිය විසින් ඊයේ (18) නියෝග කළාය.

මෙලෙස දඬු­වම් නියම කෙරුණේ ඇලෙක්ස් නිශාන්ත ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ වෙන්න­ප්පුව ප්‍රාදේ­ශීය සභාවේ මන්ත්‍රී නීතිඥ වර්ණ­කු­ල­සූ­රිය රන්පටි දේවගේ සමන් කුමාර යන දෙදෙ­නා­ටය.

2009 වසරේ මාර්තු මස 03 වන දින හෝ ඊට ආසන්න දින­ය­කදී හලා­වත අධි­ක­රණ බල සීමාව තුළ පිහිටි වයි­ක්කාල ප්‍රදේ­ශ­යේදී වර්ණ­කු­ල­සූ­රිය ජෝන් සරත් කුමාර තිසේරා යන අයට අයත් අංක 5757 දරන අක්කර 03යි රූඩ් 02යි පර්චර්ස් 34ක් විශාල ඉඩම් කොටස් දෙකක් සඳහා ව්‍යාජ ඔප්පු 26ක් සක­ස්කර විකුණා මුදල් වංචා කිරී­මක් සම්බ­න්ධ­යෙන් හලා­වත මහා­ධි­ක­ර­ණයේ විභාග වන නඩු 26කින් එක් නඩු­වක තීන්දුව ප්‍රකාශ කර­මින් මෙම සිර දඬු­වම මෙම චුදි­ත­යන්ට නිකුත් කරනු ලැබීය.

මේ සම්බ­න්ධ­යෙන් වර්ණ­කු­ල­සූ­රිය ජෝන් සරත් කුමාර තිසේරා විසින් 2011 වසරේ ජුනි 07 වැනිදා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට කළ පැමි­ණි­ල්ල­කට අනුව මේ සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­න­යක් ද සිදු කරනු ලැබීය.

අදාළ ඉඩම 2009 මාර්තු 03 වැනි දිනැති විකු­ණු­ම්ක­රය මඟින් පවරා දෙන බව දක්වා කරු­නා­චා­රිගේ සුසන්තා යන අය රවටා එකී ඉඩම මිලදී ගැනීමේ ප්‍රති­ෂ්ඨාව වශ­යෙන් රුපි­යල් 3,000,000 ක මුද­ලක් 01 වන චුදිත වෙත භාර දීමට කට­යුතු කිරීම සම්බ­න්ධ­යෙන් වූ නඩු­වට අදා­ළව චුදි­ත­යන්ට මෙම සිර දඬු­වම නියම වී තිබේ.

වර්ණ­කු­ල­සූ­රිය ජෝන් සරත් කුමාර තිසේරා විසින් අංක 5757 දරන 2009.03.03 වන දිනැති විකු­ණු­ම්ක­රය මඟින් පවරා දෙන බව දක්වා කරු­නා­චා­රිගේ සුසන්තා යන අය රවටා එකී ඉඩම මිල දී ගැනීමේ ප්‍රති­ෂ්ඨාව වශ­යෙන් රුපි­යල් 3,000,000ක මුද­ලක් ලබා ගැනීම, ආධාර අනු­බල දීම, අසත්‍ය ලේඛ­න­යක කොට­සක් සකස් කිරීම ඇතුළු චෝදනා පහක් විත්ති­ක­රු­ව­නට එරෙ­හිව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් ඉදි­රි­පත් කර තිබිණි.

මෙහිදී පළමු විත්ති­කරු වන රන්පටි දේවගේ සමන් කුමාර යන අය පළමු චෝද­නා­වට වර­ද­කරු කර­මින් වසර තුනක සිර දඬු­වම් හා රුපි­යල් තිස් දහ­සක දඩ­යක් නියම කළ අතර දඩය නොගෙ­වන්නේ නම් ලිහිල් වැඩ සහි­තව මාස තුනක සිර දඬු­වම් නියම කරන ලදි.

දෙවන චෝද­නා­වට වර­ද­කරු කර­මින් වසර තුනක සිර දඬු­වම් හා රුපි­යල් පනස් දහ­සක දඩ­යක් නියම කරන ලදි. දඩය නොගෙ­වන්නේ නම් මාස තුනක ලිහිල් වැඩ සහිත සිර දඬු­වම් නියම කරන ලදි. සිවු­වන චෝද­නා­වට වර­ද­කරු කර­මින් වසර දහ­යක සිර දඩු­වම් හා රුපි­යල් ලක්ෂ­යක දඩ­යක් ද දඩය නොගෙ­වන්නේ නම් මාස දෙකක සිර දඬු­වම්ද නියම කරන ලදි.

දෙවන විත්ති­කරු වන ශ්‍රී ලංකා පොදු­ ජන පෙර­මුණේ වෙන්න­ප්පුව ප්‍රාදේ­ශීය සභාවේ මන්ත්‍රී නීතිඥ වර්ණ­කු­ල­සූ­රිය ඇලෙක්ස් නිශාන්ත ප්‍රනාන්දු යන අය පළමු චෝද­නා­වට වර­ද­කරු කර­මින් වසර තුනක සිර­ ද­ඬු­වම් හා රුපි­යල් තිස් දහ­සක දඩ­යක් නියම කළ අතර, දඩය නොගෙ­වන්නේ නම් ලිහිල් වැඩ සහි­තව මාස තුනක සිර දඬු­වම් නියම කරන ලදි. තෙවන චෝද­නා­වට වර­ද­කරු කර­මින් වසර තුනක සිර දඬු­වම් හා රුපි­යල් පනස් දහ­සක දඩ­යක් නියම කරන ලදි. දඩය නොගෙ­වන්නේ නම් මාස තුනක ලිහිල් වැඩ සහිත සිර දඬු­වම් නියම කරන ලදි. පස් වන චෝද­නා­වට වර­ද­කරු කර­මින් වසර දහ­යක සිර දඬු­වම් හා රුපි­යල් ලක්ෂ­යක දඩ­යක්ද දඩය නොගෙ­වන්නේ නම් මාස දෙකක සිර දඬු­වම්ද නියම කරන ලදි. විත්ති­ක­රු­වන් දෙදෙ­නා­ටම පළමු පැමි­ණි­ලි­කා­රි­යට රුපි­යල් ලක්ෂ අටක් බැගින් වන්දි­යක් ගෙවී­මට ද නියෝග කළාය. මේ වන්දිය නොගෙ­වන්නේ නම් මාස 12ක සිර දඬු­වම් නියම කෙරිණි.

දෙදෙ­නා­ටම සිර දඬු­වම් එක­වර ගෙවි­යා­මට නියෝග ලබා දී ඇත.

මෙම විත්ති­ක­රු­වන්ට එරෙ­හිව මෙම ඉඩ­මට අදා­ළව තවත් නඩු 25ක් හලා­වත මහා­ධි­ක­ර­ණයේ විභාග වෙමින් තිබේ. එම නඩු ලබන මැයි 12 වන දින නැවත කැඳ­වී­මට ද විනි­සු­රු­ව­රිය නියෝග කළාය.

මෙහිදී නීති­පති දෙපා­ර්ත­මේ­න්තුව නියෝ­ජ­නය කර­මින් පැමිණි රජයේ අධි­නී­තිඥ ඔස්වෙල්ඩ් පෙරේරා ප්‍රකාශ කළේ, වයඹ පළාතේ ඉඩම් ජාවා­රම් ජය­ටම සිදු­වන අතර වෘත්තීය ගරු­ත්වය ආරක්ෂා කිරීම නීති­ඥ­ය­නට පැව­රෙන වග­කී­මක් බවයි. මේ හේතු­වෙන් ජන­තාව තුළ විශ්වා­සය පලුදු විය හැකි බව පෙන්වා දුන් රජයේ අධි­නී­තිඥ ඔස්වෙල්ඩ් පෙරේරා, ඒ හේතු­වෙන් විත්ති­ක­රු­ව­නට බර­ප­තළ දඬු­වම් ලබා දිය යුතු බව පැව­සීය.

විත්ති­ක­රු­වන් වෙනු­වෙන් පෙනී සිටි නීති­ඥ­යන් මෙහිදී කියා සිටියේ, විත්ති­ක­රු­ව­නට පෙර වැරදි නොමැති බවයි. එසේම එක් විත්ති­ක­රු­වෙකු නීති­ඥ­යෙකු, නොතා­රි­ස්ව­ර­යෙකු හා ප්‍රදේ­ශයේ මහ­ජන නියෝ­ජි­ත­යකු ලෙස වසර 29කට ආසන්න කාල­යක් කට­යුතු කරන බවයි.

සියලු කරුණු සැල­කි­ල්ලට ගත් හලා­වත මහා­ධි­ක­රණ විනි­සුරු නයෝමි තමාරා වික්‍ර­ම­සේ­කර විත්ති­ක­රු­වන් දෙදෙ­නාට දඬු­වම් නියම කෙරිණි.

පුත්ත­ලම දිසා සමූහ

ප්‍රසාද් පූර්ණ­මාල්