2030දී තේ නිෂ්පා­දන ඉල­ක්කය කිලෝග්‍රෑම් මිලි­යන 400ක්

මෙරට තේ නිෂ්පා­ද­නය 2030 වන විට කිලෝ ග්‍රෑම් මිලි­යන 400 දක්වා ඉහළ නැංවී­මට සහ අප­න­යන ආදා­යම ඩොලර් බිලි­යන 2.5 දක්වා වැඩි කිරී­මට රජය ඉලක්ක කර ඇති බව වැවිලි හා ප්‍රජා යටි­තල පහ­සු­කම් අමාත්‍ය සමන්ත විද්‍යා­රත්න මහතා පාර්ලි­මේ­න්තු­වේදි ඊයේ (18) ප්‍රකාශ කළේය. 2024 වස­රේදී තේ නිෂ්පා­ද­නය කිලෝ ග්‍රෑම් මිලි­යන 262ක් වූ අතර ඉන් ලැබූ ආදා­යම ඩොලර් මිලි­යන 1400ක් බව ද අමා­ත්‍ය­ව­රයා පැව­සීය. අමාත්‍ය සමන්ත විද්‍යා­රත්න මහතා මේ බව සඳ­හන් කළේ, පාර්ලි­මේන්තු මන්ත්‍රී නන්දන මිල්ල­ගල මහතා මතු කරන ලද ප්‍රශ්න­ය­කට පිළි­තුරු දෙමිනි. නාග­ස්තැන්න වතු­යායේ පව­තින හෙක්ට­යාර 6ක ඌන උප­යෝ­ජිත ඉඩම් ප්‍රශස්ත ලෙස පරි­හ­ර­ණය කිරීම සඳහා පෞද්ග­ලික අංශයේ ආයෝ­ජ­ක­යන් වෙත බදු දීමට අවශ්‍ය කට­යුතු සිදු කර­මින් පව­තින බව ද අමා­ත්‍ය­ව­රයා පැව­සීය. එම වතු­යායේ පදිං­චි­ක­රු­වන් 164 දෙනකු සිටින අතර ඉන් පස් දෙනකු පිට­තින් පැමිණි අන­ව­සර පදිං­චි­ක­රු­වන් බවත්, ඔවුන් ඉවත් කිරී­මට නෛතික ක්‍රියා­මාර්ග ගනි­මින් සිටින බව ද අමා­ත්‍ය­ව­රයා පැව­සීය.

ස්වර්ණා විජේ­කෝන්, මහින්ද අලු­ත්ගෙ­දර, සන්ධ්‍යා කරු­ණා­රත්න