පාර්ලිමේන්තුව තුළ ප්‍රශ්න ඇසීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නේ ආණ්ඩුවට එක් නිදහසක් සහ විපක්ෂයට තවත් නිදහසක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
වැඩිදුරටත් අදහස් පළකළ සජිත් ප්‍රේමදාස මහතා,
“සභානායකවරයා විවිධාකාරයේ වචන හසුරුවනවා. මම පාර්ලිමේන්තුවේදී කාන්තා කොමිසම ගැන ප්‍රශ්නයක් අහනවා. ඇමැතිවරිය උත්තර දෙනවා. ඇමැතිවරිය කොහොම කිවුවත් කාන්තාවන් පිළිබඳ කොමිෂන් සභාව ගැසට් කර තිබෙනවා. රමණී ජයසුන්දර මහත්මිය කාන්තා කොමිසමේ සභාපතිනිය ඉල්ලා අස්වෙනවා. එහි ස්වාධීනත්වය වෙනුවෙන් ඉල්ලා අස් වෙනවා.
තමන්ගේ කාර්ය මණ්ඩලය පත්කර ගැනීමට නොහැකිවීම සහ ප්‍රධාන විධායක නිලධාරියකු පත්කර තිබෙනවා. ජනාධිපති ලේකම්වරයා හමුවන්න අවස්ථාවක් දෙන්නෙත් නැහැ. ඒ කාරණා ගැනයි මම කතා කළේ. මේ නිසා උගන්වන්න කැමැති. ඉගෙන ගන්න කියා සභානායකවරයා කියනවා. කාන්තා ඇමැතිවරිය ද නිවැරදිව කරුණු අවබෝධ කරගෙන නොවෙයි උත්තර දෙන්නේ.
අපි ප්‍රශ්න ඇති කර ගන්නවා කියනවා. 2025 වසරේ ජනවාරි මාසයේ දී කාන්තා කොමිසමට අවශ්‍ය නම් දෙකක් යවා තිබෙනවා. කාන්තා කොමිසම ස්ථාපිත කළේ සැප්තැම්බර් මාසයේ දී වෙනවා. පරිපූරක ඇස්තමේන්තුවක් හරහා මේ කාන්තා කොමිසම ස්ථාපනය කරන්න. ඊට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදෙන්න පුළුවන්. ඒවා ක්‍රියාත්මක කළේ නැහැ. මේ ප්රශ්නය පාර්ලිමේන්තුවට දැම්මාට පසුව කාන්තා සංසදයට වෙලාවක් අරගෙන ජනාධිපති ලේකම්වරයා හමුවෙලා යම් යම් එකඟතාවන්ට එන්න හැකිව තිබෙනවා.
මිලියන 50ක් දෙන්න මේ වනවිට එකඟ වී තිබෙනවා. ඉල්ලපු ප්‍රමාණයෙන් තුනෙන් එකක ප්‍රමාණයක් දෙන්නම් කියා තිබෙනවා. මේ රජය කාන්තාවන්ගෙන් වරම අරගෙන කාන්තා අමාත්‍යාංශය යටතට ගත්තා ස්වාධීනව ක්‍රියාත්මක වියයුතු කාන්තා කොමිසම.
මෙහි ක්‍රියාදාමය හෙළි කරනවිට අපිට කියනවා ඉගෙන ගන්න කියා. අපිට කාගෙන් හෝ ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. අපි යම්කිසි අවබෝධයකින් පාර්ලිමේන්තුවට එනවා. අධ්‍යාපනය සම්බන්ධයෙන් අහන ප්‍රශ්න ද ප්‍රතික්ෂේප කර තිබෙනවා. මෙරට අධ්‍යාපන ක්ෂේත්රය පිළිබඳ අධ්‍යාපන ඇමැතිවරියගෙන් ප්‍රශ්න කරන්න විපක්ෂ නායකවරයාට බැහැ. මම අධ්‍යාපනය සම්බන්ධයෙන් අහන්නේ අසභ්‍ය ප්‍රශ්නයක් ද?”








