තායිලන්තයේ පැවැත්වෙන නැගී එන කාන්තා ක්රිකට් ආසියනු කුසලාන තරගාවලියේදී ශ්රී ලංකා යොවුන් ක්රිඩිකාවන් හෙට පළමු අවසන් පූර්ව තරගයට ක්රීඩා කිරීමට නියමිතයි.
ඒ ඉන්දීය යොවුන් ක්රීඩිකාවන් සමගයි.
එමෙන්ම, බංග්ලාදේශ යොවුන් ක්රීඩිකාවන් සහ පාකිස්තාන යොවුන් ක්රීඩිකාවන් ද හෙට දෙවන අවසන් පූර්ව තරගයට ක්රීඩා කරනවා.
ඒ අනුව මෙම තරගවලින් ජයගන්නා කණ්ඩායම් දෙක ලබන ඉරිදා පැවැත්වෙන අවසන් මහා තරගයට ක්රීඩා කරනු ඇති.








