වාහන ආන­ය­න­යට අති­රේක බදු පනවා නෑ

වාහන ආන­ය­නය සම්බ­න්ධ­යෙන් අති­රේක බද්දක් පනවා නැතැයි කම්කරු ඇමැති සහ මුදල් හා ක්‍රම සම්පා­දන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි. මේ වන විට සමාජ මාධ්‍ය සහ මහ­ජ­න­තාව අතර ඒ සම්බ­න්ධ­යෙන් දුර්ම­ත­යක් පැති­ර­යාම දක්නට ලැබෙන අව­ස්ථාවේ එහි සත්‍ය අස­ත්‍ය­තාව කුම­ක්දැයි අප කළ විම­සු­මට පිළි­තුරු ලබා දෙමින් ඇමැ­ති­ව­රයා එසේ පැවැ­සීය.

ඒ සම්බ­න්ධ­යෙන් කරුණු දැක්වූ ඇමැ­ති­ව­රයා මෙසේද කියා සිටි­යේය.

“බය වෙන්න එපා, රැව­ටෙන්න එපා. අති­රේක බදු පනවා නැහැ. ඇතැම් ආන­ය­න­ය­ක­රු­වන් සමා­ජයේ බයක් හද­නවා භාණ්ඩ මිල වැඩි­වෙයි කියලා, මත­යක් හද­නවා. එය ඔවුන්ගේ භාණ්ඩ විකුණා ගැනීමේ උප­ක්‍ර­ම­යක්. අපි කිය­නවා මහ­ජ­න­තා­වට රැව­ටෙන්න එපා කියලා. තොර­තුරු මත තීන්දු තීරණ ගන්න. එක එක්කෙ­නාගේ ප්‍රකාශ මත යන්න එපා, කිසිදු ආකා­ර­යක අති­රේක බද්දක් පැන­වී­මට පිය­වර ගෙන නැහැ.

වාහන සම්බ­න්ධ­යෙන් තිබූ ගැට­ලුව තමයි සමාජ ආර­ක්ෂණ බද්ද. ආන­ය­නය කරන අව­ස්ථාවේ දී එය අය කළේ නැහැ. අය කළේ භාණ්ඩය විකු­ණන අව­ස්ථා­වේදී. අපි හිතමු උදා­හ­ර­ණ­යක් ලෙස රුපි­යල් මිලි­යන සිය­යක වාහ­න­යක් ගෙන්වලා එය විකු­ණ­නවා රුපි­යල් මිලි­යන දෙසී­ය­කට කියා.

අපි මෙහිදී සමාජ ආර­ක්ෂණ බද්ද අය කළේ විකු­ණන අව­ස්ථා­වේදී. විකු­ණු­ම්කරු විසින් 2.5% බද්ද අය කරලා අප වෙත ගෙවිය යුතුයි. ඇතැම් දෙනා ඒ අව­ස්ථා­වේදී බදු ගෙවන්නේ නැහැ. මේ නිසා එය අය කර ගැනී­මට උප­ක්‍ර­ම­යක් ලෙස වාහ­නය ආන­ය­න­යේ­දීම රේගුවේ දී මේ බද්ද අය කිරී­මට අපි තීන්දු කළා.

ජය­සිරි මුණ­සිංහ