බංග්ලාදේශයේ නව අගමැති සමඟ ඇමති නලින්ද සාකච්ඡාවක්

බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍ය තාරික් රහ්මාන් (Tarique Rahman) මහතා හා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (17) පස්වරුවේ පැවැත්වුණි.

එහිදී, අමාත්‍යවරයා ශ්‍රී ලංකාව වෙනුවෙන් බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍යවරයාට උණුසුම් සුභාශිංසන පිරිනැමූ අතර, පසුගිය දිට්වා සුළි කුණාටු අවස්ථාවේදී බංග්ලාදේශය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය වෙනුවෙන් ස්තූතිය ද පළ කරන ලදී.

එමෙන්ම, බංග්ලාදේශයේ සංචාරකයින් ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් ආකර්ෂණය කරගැනීම, සංචාරක කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීම සහ ඖෂධ නිෂ්පාදන සදහා ආයෝජන අවස්ථා පුළුල් කිරීම පිළිබඳව දෙරට අතර සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරුණි.

මෙම අවස්ථාවට බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධර්මපාල වීරක්කොඩි මහතා ද එක්විය.