පැය දෙකක ඇණහිටීමෙන් පසු YouTube යථා තත්ත්වයට

අද(18) උදෑසන 6:30 ට පමණ යූ ටියුබ් වෙත ප්‍රවේශය ඇනහිටීමක් තාවකාලික සිදු වූ අතර, පෙ.ව. 08:30 ට පමණ සියලුම කාර්යයන් යථා තත්ත්වයට පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ හේතුවෙන් එක්සත් ජනපදයේ YouTube පරිශීලකයින් 320,000කට අධික පිරිසකට බලපෑම් කර ඇති බව වාර්තා වෙයි.

සේවා බිඳවැටීම් නිරීක්ෂණය කරන වෙබ් අඩවියක් වන Downdetector සඳහන් කළේ, YouTube සම්බන්ධයෙන් ගැටලු වාර්තා 321,958ක් ලැබී ඇති බවය.

එමෙන්ම, YouTube TV සේවාව සම්බන්ධයෙන් 8,923ක් ද, Google සම්බන්ධයෙන් 2,694ක් ද ගැටලු වාර්තා වී තිබුණි.