ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා විවෘත පදනම මත බඳවා ගැනීමේ තරග විභාගයේ උපාධි සුදුසුකම් සම්පූර්ණ කළ යුතු දිනය සංශෝධනය කර තිබෙනවා.
ඒ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර ඒ අනුව උපාධි සුදුසුකම් සම්පූර්ණ කළ යුතු දිනය ලබන මස 05 වනදා දක්වා ඉහළ දැමීමටයි තීරණය කර ඇත්තේ.
මීට පෙර එම දිනය පසුගිය වසරේ ජූනි මස 30 වනදා ලෙස ගැසට් මගින් දක්වා තිබුණා.
මෙලෙස දිනය සංශෝධනය කිරීම මගින් නවක උපාධිධාරීන්ට ද මෙම තරග විභාගයට පෙනී සිටීමට අවස්ථාව හිමි වනු ඇති.
ගුරු පුරප්පාඩු 23,000 කට අධික සංඛ්‍යාවක් සදහා ගුරුවරුන් බඳවා ගැනීමට මෙම විභාගය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.








