විදුලිබල ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනතා අදහස් ලබා ගැනීම සඳහා දින 21 ක් ලබාදී තිබූ අතර එහිදී ඉදිරිපත් වූ යෝජනා අදහස් සැළකිල්ලට ගෙන සංශෝධනය කරමින් සැකසූ අවසන් ප්‍රතිපත්ති යෝජනා ඇතුළත් වාර්තාව, යළි මහජන අදහස් ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇති බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පවසනවා.
හෙට දක්වා ඒ සම්බන්ධයෙන් වන අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට හැකි බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරංග රත්නායක නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බලශක්ති අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී කියා සිටියේ.








