දුම්රිය රියදුරු වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

දුම්රිය රියදුරන් විසින් අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිත ව තිබූ දුම්රිය වැඩ වර්ජනය තාවකාලික ව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව යුද හමුදා නිලධාරීන් 20 දෙනකුට දුම්රිය රියදුරු පුහුණුව ලබා දීමේ තීරණය තාවකාලික ව අත්හිටුවීමට පියවර ගැනීමත් සමඟ මෙම පියවර ගත් බවයි ලොකෝමොටිව් ඉංජිනේරුවන්ගේ සංගමය සඳහන් කරන්නේ.