ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම මාසයක් තුළ හැසිර වූ වැඩිම මගීන් සංඛ්‍යාව වාර්තා කරයි

ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම විසින් ඉතිහාසයේ එක් මාසයක් තුළ හැසිර වූ වැඩිම මගීන් සංඛ්‍යාව වාර්තා කර ඇති බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ඒ අනුව, ජනවාරි මාසය තුළ ගුවන් මගීන් 1,045,097 දෙනෙකුට සේවා සපයා ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

මීට පෙර වැඩිම මගීන් සංඛ්‍යාව වාර්තා කළ 2018 වසරේ ජනවාරි මාසයේදී මගීන් 1,034,687 කට සේවා සපයා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.