ඇව­න්ගාඩ් සමාගමෙන් නාවික හමු­දා­වට කෝටි 78ක පොල්ලක්

ඇව­න්ගාඩ් මැරි­ට­යින් පෞද්ග­ලික සමා­ගම 2014 – 2015 කාලයේ දී නාවික හමු­දා­වට ගෙවී­මට තිබූ රුපි­යල් කෝටි 78කට වැඩි මුද­ලක් ගෙවීම පැහැර හැර ඇතැයි ආර­ක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රා­මික මේජර් ජෙන­රාල් අරුණ ජය­සේ­කර මහතා පාර්ලි­මේ­න්තුවේ දී ඊයේ (17) ප්‍රකාශ කළේය.

රක්නා ලංකා සහ ඇව­න්ගාඩ් ඒකා­බද්ධ ව්‍යාපෘ­තිය 2021-2025 කාල­යේදී අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 14.12ක ආදා­ය­මක් උප­යා­ගෙන ඇතත් මේ මුදල ගෙවීම පැහැර හැර ඇතැයි ද නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා කීවේය.

ආර­ක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජය­සේ­කර මහතා මේ බව සඳ­හන් කළේ පාර්ලි­මේන්තු මන්ත්‍රී විශ්‍රා­මික මේජර් ජන­රාල් ජී.ඩී. සූරි­ය­බ­ණ්ඩාර මහතා මතු­ක­රන ලද ප්‍රශ්න­ය­කට පිළි­තුරු දෙමිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ අරුණ ජය­සේ­කර මහතා සඳ­හන් කළේ වත්මන් රජය බල­යට පත්වී­මෙන් පසුව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ නිර්දේශ මත සමු­ද්‍රීය ආර­ක්ෂණ කට­යුතු නැවත නාවික හමු­දාව වෙත පැව­රී­මට පිය­වර ගත් බවයි. ඒ අනුව 2025 අගෝස්තු මස 10 වැනිදා සිට මෙම මස 10 වැනිදා වන­විට නාවික හමු­දාව එම ආර­ක්ෂක කට­යු­තු­ව­ලින් අමෙ­රි­කානු ඩොලර් පන්ලක්ෂ අනූ­අ­ට­ද­හස් දෙසිය පන­හක මුද­ලක් රජයේ ඒකා­බද්ධ අර­මු­ද­ලට ලබා දී තිබේ.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ නියෝජ්‍ය අමා­ත්‍ය­ව­රයා මෙසේ ද පැව­සීය.

“රජය විසින් සමු­ද්‍රීය ආර­ක්ෂණ කට­යුතු ආරම්භ කර තිබෙන්නේ 2009 වස­රේදී. ඒ සඳහා වග­කීම නාවික හමු­දාව වෙත පැවරී තිබුණා. ආර­ක්ෂාව සැප­යීමේ වග­කීම වෙනස් වුණේ 2012 ඔක්තෝ­බර් 15 දිනයි. ඇව­න්ගාඩ් මැරි­ට­යිම් සර්විස් සමා­ගම හා රක්නා ලංකා ආය­ත­නය අතර ඒකා­බද්ධ ව්‍යාපෘ­ති­යට පවරා තිබෙ­නවා. නැවත එම වග­කීම 2015දී නාවික හමු­දාව වෙත පවරා තිබෙ­නවා. 2012 සැප්තැ­ම්බර් 15 වැනිදා සිට නැවත ඇව­න්ගාඩ් වෙත පවරා තිබෙ­නවා.

පසු­ගිය වස­රේදී අපි බල­යට පත්වූ පසුව ජනා­ධි­ප­ති­ව­ර­යාගේ උප­දෙස් පරිදි එම සේවා­වන් සැප­යීමේ වග­කීම 2025-08-10 සිට අති­වි­ශේෂ ගැසට් පත්‍ර­යක් මඟින් ශ්‍රී ලංකා නාවික හමු­දාව වෙත සැප­යී­මට අනු­මැ­තිය ලබා දී තිබෙ­නවා.

රක්නා ලංකා හා ඇව­න්ගාඩ් මැරි­ට­යිම් අතර මෙම සේවා­වන් වෙන වෙනම සිදු­කර තිබෙ­නවා. අමාත්‍ය මණ්ඩල පත්‍රි­කා­වක් මඟින් එම ඒකා­බද්ධ ව්‍යාපෘ­තිය රාජ්‍ය – පෞද්ග­ලික හවු­ල්කා­රිත්ව ව්‍යෘපෘ­ති­යක් ලෙස ක්‍රියා­ත්මක කර තිබෙ­නවා.

2025-08-10 සිට නැවත අති විශේෂ ගැසට් පත්‍ර­යක් මඟින් නාවික හමු­දා­වට මෙම සේවා­වන් සැප­යීමේ වග­කීම ලබා දී තිබෙ­නවා. ලැබූ ආදා­යම් වෙන්වෙන් වශ­යෙන් ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය සතුව නැහැ. අදාළ පෞද්ග­ලික සමා­ගම විසින් තමයි සියලු ආදා­යම් ලබා තිබෙන්නේ. ඉන්ප­සුව 2021 සැප්තැ­ම්බර් සිට 2022 වසර දක්වා ඇති උපයා ඇති ආදා­යම අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 14.12ක් නාවික හමු­දා­වට මෙම සේවය අපි ලබා­දු­න්නට පසුව 2025 ඔක්තෝ­බර් 03 වැනිදා සිට පසු­ගිය පෙබ­ර­වාරි 08 දක්වා ස්වාධී­නව සිදු­කළ මෙහෙ­යුම් වෙනු­වෙන් ඇ‍ෙම­රි­කානු ඩොලර් පන්ලක්ෂ අනූ­අ­ට­ද­හස් දෙසිය පන­හක මුද­ලක් රජයේ ඒකා­බද්ධ අර­මු­ද­ලට ලබා දී තිබෙ­නවා. හවුල් සමා­ගම් ලෙස ඒ ඒ සමා­ගම් වෙත ලාභ ලබා තිබෙ­නවා. ඇව­න්ගාඩ් මැරි­ට­යිම් හා රක්නා ලංකා සමා­ගම් සේවා­වන් වෙනු­වෙන් මුළු ආදා­ය­මෙන් සිය­යට පහ­ළො­වයි නාවික හමු­දා­වට ගෙවා තිබෙන්නේ. ශ්‍රී ලංකා රුපි­යල් වශ­යෙන් ගෙවා තිබෙන්නේ. ඉති­රි­වන මුද­ලින් සිය­යට හත­රයි ගණ­නක් තමයි රක්නා ලංකා සමා­ග­මට ලබා දී තිබෙන්නේ.”

ස්වර්ණා විජේ­කෝන්, මහින්ද අලු­ත්ගෙ­දර, සන්ධ්‍යා කරු­ණා­රත්න