ඩිජිටල් ක්‍රමවේදයන් තුළින් කාර්යක්ෂමව හා විනිවිදභාවයෙන් යුක්තව රාජ්‍ය සේවා සැපයීම නවීකරණය කිරීම අරමුණු කර ගනිමින් සකස් කර ඇති ශ්‍රී ලංකා ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතියට ආධාර ලබා ගැනීමට අදාළ ණය සාකච්ඡා මේ වන විට අවසන් කර ඇති බව රජය සඳහන් කරනවා.
එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ණය පහසුකම ලබා ගන්නා ආයතනය වශයෙන් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ද, ක්‍රියාත්මක කිරීමේ ආයතනය වශයෙන් GovTech Sri Lanka ද කටයුතු කරන බවයි සඳහන් වන්නේ.
ඒ අනුව, නිර්දේශ කරනු ලැබ ඇති මූල්‍ය නියමයන් සහ කොන්දේසි මත පදනම්ව, ලෝක බැංකු සමූහය වෙතින් යෝජිත ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 50 කට සමාන විශේෂ හර ගැනුම් හිමිකම් (SDR) අරමුදල් සලසා ගැනීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා.
අදාළ කැබිනට් තීරණය පහතින්.









